ආසන ගණනට මගීන් අරන් ගිහින් කොරෝනා හැදුනොත් ඇමතිවරයා වගකිය යුතුයි -ගැමුණු

ආසන සංඛ්‍යාවට මගීන් රැගෙන යාමෙන් කොවිඩ් අවදානම වැඩිවන බැවින් යම් හෙයකින් මගියකුට කොවිඩ් 19 ආසාදනය වුවහොත් එහි වගකීම විෂය භාර ඇමැතිවරයා භාරගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක නොකරන බස් රථ සම්බන්ධව 1955 ක්ෂණික දුරකථන අංකයට මගීන්ට පැමිණිලි කිරීමටද අවස්ථාව ඇත. මීට අමතරව My bus දුරකථන යෙදුම හරහා සහ ජාතික ගමනාගමන කොමිසමේ වෙබ් අඩවිය හරහාත් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
මේ වන විට බස්රථවල සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව එතරම් පැමිණිලි ලැබී නැති බව පැවැසූ අධ්‍යක්ෂවරයා වසංගත තත්ත්වයක් තුළ මගීන් ප්‍රවාහනය කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
699 Views
Comments