විදුලි බිල ගෙවීමට රජයෙන් දුන් සහනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

විදුලි බිල ගෙවීමට රජයෙන් දුන් සහනය

විදුලි බිල ගෙවීමට රජයෙන් දුන් සහනය

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25ක ගාස්තු සහනයක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දීම පිළිබඳව ද යෝජනා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 


මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයන කර ජනතාවට වඩාත් සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුම් දී ඇති බවද පැවසු අමාත්‍යවරයා ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ දී අවසන් තීරණය ගනු ඇතැයි ද පැවසීය‍.

 

views

758 Views

Comments

arrow-up