වෛද්‍යවරුන් සතු වෛද්‍ය මධ්‍යස්ථාන ගැන සංගණනයක්

වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳව සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
එම සංගණනය ලබන මැයි මස 01 වෙනිදා සිට ආරම්භ කරන බවයි අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේ.
අවසන් වරට වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිලිබදව සංගණනයක් සිදුකර ඇත්තේ 2017 වසරේදීය. ඒ වන විට වෛද්‍යවරුන් ලියාපදිංචි කර තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657ක් විය.
ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හේතුවෙන් ගැටළු රැසක් උද්ගතවී ඇති බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ.
754 Views
Comments