කොළඹ ඊයෙත් ආසාදිතයින් 400 ඉක්මවයි - ඊයේ දින මුළු ආසාදිතයින් 628
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

කොළඹ ඊයෙත් ආසාදිතයින් 400 ඉක්මවයි - ඊයේ දින මුළු ආසාදිතයින් 628

කොළඹ ඊයෙත් ආසාදිතයින් 400 ඉක්මවයි - ඊයේ දින මුළු ආසාදිතයින් 628

ඊයේ (03) දිනයේ ලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර එම  ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් හමුවී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 402කි.

 

ගම්පහින් ආසාදිතයින් 66ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබුණි.

 

ඊයේ (03) දිනයේදී අලුතින් කොවිඩ් ආසාදිතයින් 628 දෙනෙකු හඳුනාගැණුනු අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

 


ඒ අනුව මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,038කි.

 

ඊයේ දින කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කය - 402


ගම්පහ දිස්ත්‍රික්කය - 66


රත්නපුර දිස්ත්‍රික්කය - 35


කළුතර දිස්ත්‍රික්කය - 30


ගාල්ල දිස්ත්‍රික්කය - 15


අම්පාර දිස්ත්‍රික්කය - 14


කෑගල්ල දිස්ත්‍රික්කය - 07


කුරුණෑගල දිස්ත්‍රික්කය - 04


අනුරාධපුර දිස්ත්‍රික්කය - 02


මාතර දිස්ත්‍රික්කය - 02


මහනුවර දිස්ත්‍රික්කය - 01


නුවරඑළිය දිස්ත්‍රික්කය - 01


මුලතිව් දිස්ත්‍රික්කය - 01


මොනරාගල දිස්ත්‍රික්කය - 01


මාතලේ දිස්ත්‍රික්කය - 01


යාපනය දිස්ත්‍රික්කය - 01

 

ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින්  - 44

 

views

569 Views

Comments

arrow-up