මහනුවර – හන්තාන කේබල් කාර් ව්‍යාපෘතිය කොරියානු ධන කුවේරයෙකු භාරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

මහනුවර – හන්තාන කේබල් කාර් ව්‍යාපෘතිය කොරියානු ධන කුවේරයෙකු භාරගනී

මහනුවර – හන්තාන කේබල් කාර් ව්‍යාපෘතිය කොරියානු ධන කුවේරයෙකු භාරගනී

මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියේ ව්‍යාපාරික අයිතිය හිමිකර ගැනීමට 71 හැවිරිදි කොරියානු ව්‍යවසායකයෙකු වන Yoo Sun-ha සමත් වී ඇත.

 

ඔහු Sky Asia සමාගමේ සභාපතිවරයා වේ.

 

COVID-19 වසංගතය මධ්‍යයේ පවා මෙහි ඉදිකිරීම් කටයුතු එළඹෙන වසරේ දී ආරම්භ කිරීමට නියමිත අතර එය 2022 අගභාගයේ දී විවෘත වනු ඇතැයි මේ පිළිබඳ වාර්තා කරමින් Korean Herald පුවත් සේවය වැඩිදුරටත් කියා සිටී.

 

මහනුවර නගරය හා හන්තාන කඳුමුදුන යා කරමින් ඉදිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය කිලෝමීටර 2.2ක දුරකින් යුක්ත වේ.

 

මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 35 කි.

 

Sky Asia හි සභාපති Yoo Sun-ha පසුගිය දා කොරියාවේ සෝල් නුවර දී Korean Herald පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ලේඛන පෙන්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

 

 

views

598 Views

Comments

arrow-up