පාසල් ඇඳුමින් සිසුන් අපයෝජනය කර ‘අසැබි චිත්‍රපට 20ක් සෑදු’ කොළඹ ගුරුවරයා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

පාසල් ඇඳුමින් සිසුන් අපයෝජනය කර ‘අසැබි චිත්‍රපට 20ක් සෑදු’ කොළඹ ගුරුවරයා මාට්ටු

පාසල් ඇඳුමින් සිසුන් අපයෝජනය කර ‘අසැබි චිත්‍රපට 20ක් සෑදු’ කොළඹ ගුරුවරයා මාට්ටු

දීර්ඝ කාලයක් පුරා ළමයින් අපයෝජනයට ලක් කරමින් වීඩියෝ පට නිර්මාණය කළ පුද්ගලයෙකු කොල්ලූපිටිය පොලීසිය සහ ජාතික ළමා රක්ෂක අධිකාරියේ නිලධාරින් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. මොහු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු බවටයි වාර්තා වන්නේ.

 

වසර 10 කට ආසන්න කාලයක් අදාළ පුද්ගලයා විටින් විට කුඩා ළමයින් අපයෝජනයට ලක් කර ඇති බව මේ වනවිට සිදුකරන ලද විමර්ශනවලින් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

 

ජාතික ළමා රක්ෂක අධිකාරිය සඳහන් කළේ අපයෝජනයට ලක් වූ බව කියන ළමයින් තුන්දෙනෙකු ඊයේ දිනයේ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබූ බවයි.

 

අදාළ පුද්ගලයා සතුව තිබී කුඩා ළමයින් අපයෝජනයට ලක් කරන ලද අවස්ථාවලදී පටිගත කරන ලද වීඩියෝ පට 20 කට ආසන්න ප්‍රමාණයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

 

ඇතැම් අවස්ථාවල ළමයින්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම් සිදුකර ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බවයි ජාතික ළමා රක්ෂක අධිකාරිය ප්‍රකාශ කළේ.

 
දැරියන් අපයෝජනය කර අසැබි චිත්‍රපට හැදූ ගුරවරයා අත්අඩංගුවට

🔺දැරියන් අපයෝජනය කර අසැබි චිත්‍රපට හැදූ ගුරවරයා අත්අඩංගුවට #lka #News1st #PRC #Teacher #rapecase

Posted by Newsfirst.lk on Saturday, July 25, 2020

 

views

2921 Views

Comments

arrow-up