කොරෝනා රෝගියෙකු සමග ‘මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා’ භික්ෂූන් 45ක් නිරෝධායනයට

බඩල්කුඹුර ගල්බඩ පිරිවෙන් විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා 45 දෙනෙකු ඇතුළු 72 ස්වයං නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඔවුන් එම පිරිවෙන් පරිශ්‍රයේම නිරෝධායනය ලක්කර ඇතැයි මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කළා.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හමුදා සෙබළකු සහභාගි වූ ආගමික වැඩසටහනක් මෙම පිරිවෙනේ පැවැත්වී ඇති අතර භික්ෂූන් වහන්සේලා ඔහු සමඟ මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙම පියවර ගෙන තිබුණා.
එමෙන්ම එම සෙබළා ඒ ආසන්නයේ පිහිටි තම මහ ගෙදරට ගොස් ඇති අතර ඔවුන් ද ස්වයං නිරෝධයට ලක් කර ඇති බව වාර්තා වනවා.
ඔහු මගී ප්‍රවාහන බස් රථයකිනි මුතියංගන විහාරස්ථානයට ගොස් ඇති අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ද පැමිණ ඇතැයි හෙළි වනවා.
860 Views
Comments