22ක් රෝහලට යැවූ බස් - ලොරි අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

22ක් රෝහලට යැවූ බස් - ලොරි අනතුර

22ක් රෝහලට යැවූ බස් - ලොරි අනතුර

මීගමුව සිට පනාපිටිය යුද හමුදා මූලස්ථානයට හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් සේවය සඳහා රැගෙන යමින් තිබූ කුලී පදනම මත ලබාගන්නා ලද පෞද්ගලික බස් රථයක් කිරිඳිවැල පොලිස් වසමේ කිරිඳිවැල – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ ‘මනමාල වංගුව’ නම්වූ ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් බසයේ සිටි විසිදෙදෙනකු තුවාල ලබා බස් රථයට බරපතළ හානි සිදුව ඇත.

 

බස් රථයේ 56 දෙනකු ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ විසිදෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විසිදෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගියහ.

 

බස් රථයේ රියැදුරු සහ තවත් සෙබළෙක් රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබති.

 

ලොරියේ රියැදුරුට සහ සහායකට තුවාල සිදුවී නැත. මෙම සිදුවීම ඊයේ (21) පෙ.ව.6.30 ට පමණ සිදුවී තිබේ.

 

මෙම අනතුරින් මහා මාර්ගයට සමාන්තරව ඇති ජාතික ජල සම්පත් මණ්ඩලයේ ජල නළයට ද හානි සිදුව තිබේ.

 

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

views

60 Views

Comments

arrow-up