පෙර පාසල් සහ 1- 2ශ්‍රේණි අගෝස්තු 10 වැනිදා සිට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

පෙර පාසල් සහ 1- 2ශ්‍රේණි අගෝස්තු 10 වැනිදා සිට

පෙර පාසල් සහ 1- 2ශ්‍රේණි අගෝස්තු 10 වැනිදා සිට

දිවයිනේ සියලුම පාසල්වල 1 වන හා 2 වන ශ්‍රේණි, පෙර පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාල ආරම්භ කිරීම සදහා දින නියම කෙරුණා.

 

අධ්‍යාපන ආයතන යළි ආරම්භ කර සිසුන්ගේ කටයුතු පවත්වාගෙන යාම පිළිබද අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරන්නේ.

 

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන්ට අනුව පාසල්වල 1 වන හා 2 වන ශ්‍රේණිවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු ලබන මස 10 වනදා ආරම්භ කිරීමට නියමිතයි. පෙර පාසල් ද එදින ආරම්භ කෙරෙනවා.

 

එමෙන්ම සෑම පාසලකම විෂබීජහරණ කටයුතු පිළිබද ඉතා සැළකිල්ලෙන් සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට මෙන්ම පළාත් පාලන ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

 

views

764 Views

Comments

arrow-up