කමල් ගුණරත්න අත් අඩංගුවට ගන්න - යස්මින් සුඛා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

කමල් ගුණරත්න අත් අඩංගුවට ගන්න - යස්මින් සුඛා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි

කමල් ගුණරත්න අත් අඩංගුවට ගන්න  - යස්මින් සුඛා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන්  ඉල්ලයි

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කළ බව දන්වමින් එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා පිටු 100ක විමර්ශන වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් සර්වලෝක නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.

 

 


කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකය පුදුකුඩිඉරිප්පු මුල්ලිවයික්කාල් සහ පුදුමාතලන් අල්ලා ගැනීමට ක්‍රියා කළ බවත් ඉන් දහස් ගණනක ජනතාවට හානි සිදු වූ බවත් ඇය දන්වා තිබේ.

 

 


මේ හැර යුද හමුදාව විසින් බේරා ගත් තුන් ලක්ෂයක ජනතාව මැණික් ෆාම් කඳවුරේ රඳවා ගැනීම ගැනද යස්මින් සුකා චෝදනා කර ඇත.
කමල් ගුණරත්න විදේශ රටකට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටවල් 47ක් ලවා ක්‍රියාත්මක කරන ලෙසද ඇය ඉල්ලා තිබේ.

 

 


ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ මුල්ම පැමිණිල්ල මෙයයි.

 

views

910 Views

Comments

arrow-up