MCC ගිවිසුම මෙරට නීතියට ව්‍යවස්ථාවට පටහැනියි - නීතිපති

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට සූදානම් කර තිබූ m c c ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැක් වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය කියා සිටියා.
ශ්‍රී ලංකාව m.c.c. ගිවිසුම ට එකඟ වුවහොත්, පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ලබා දීමට නියමිතව තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදල පසුගිය දෙසැම්බර් මාසෙදි අත්හිටුවීමට ඇමරිකාව තීරණය කළා.
ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට තීරණය කළ අතර ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවක් මගින් ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීමද සිදු වුණා.
769 Views
Comments