බාලවයස්කාර දැරියක් දූෂණය කළ අකුරැස්ස හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

බාලවයස්කාර දැරියක් දූෂණය කළ අකුරැස්ස හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

බාලවයස්කාර දැරියක් දූෂණය කළ අකුරැස්ස හිටපු සභාපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහධිකරණයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

ලබාදුන් දඩුවමට එරෙහිව අභියාචනාවක් නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබුණ ද ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි මහාධිකරණ විනිසුරුවරයා මහතා කියා සිටියේ.

 

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කෙරුණේ පසුගිය වසරේ ජනවාරි 17 වන දායි.

 

views

833 Views

Comments

arrow-up