රුපියල් 5000යේ දීමනාව ගැන රජය ගත් අලුත්ම තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

රුපියල් 5000යේ දීමනාව ගැන රජය ගත් අලුත්ම තීරණය

රුපියල් 5000යේ දීමනාව ගැන රජය ගත් අලුත්ම තීරණය

ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙන අතර සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

 

කොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය පැවසුවා. කොළඹ නගරය තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අරලියගහ මන්දිරයේදී පැවති හමුවේදී සාකච්ඡාවට ගැනුණි.

 

තවද පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර ජනතාව කොළඹ නගරයට පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය. එමෙන්ම විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

 

අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් සහභාගී වූහ.

 

 

views

820 Views

Comments

arrow-up