නාවික හමුදා නිලධාරීන් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් අනතුරට – සෙබළුන් 5ක් බලපිටිය රෝහලට

නාවික හමුදා නිලධාරින් ප්‍රවාහනය කළ ලංගම බස් රථයක් තාප්පයක ගැටිමෙන් සිදුවු අනතුරෙන් නාවික භටයන් 5ක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ, රන්දොඹේ සංඝරාජ විහරය ඉදිරිපිට නිවසක තාප්පයක අද (28) අලුයම 2.30ට පමණ බස් රථය ගැටි තිබේ.
අනතුර සිදුව ඇත්තෙ රියදුරුට නින්දයාම නිසා බවපොලිසිය කියයි. බස් රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
නිවාඩු ලබා පැමින සිටි නාවික භටයන් 32 ක් බද්දේගම , ගාල්ල, කොග්ගල ප්‍රදේශවලින් රැගෙන කොළඹ බලා ගමන්කළ පානදුර ඩිපෝවට අයත් බස් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.
පසුව අම්බලන්ගොඩ ඩිපෝවට අයත් බස් රථයකින් අනතුරට පත් බස් රථයේ සිටි පිරිස කොළඹ බලා රැගෙන යාමට නාවික හමුදාව කටයුතු කරන් ලැබිය. .
757 Views
Comments