මේ අවුරුද්ද මුලදී පමණක් කැළෑ 129කට ගිනි තබලා!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

මේ අවුරුද්ද මුලදී පමණක් කැළෑ 129කට ගිනි තබලා!

මේ අවුරුද්ද මුලදී පමණක් කැළෑ 129කට ගිනි තබලා!

මෙම වසරේ ගෙවී ගිය කාලය තුළදී මිනිසුන් කැළෑබද ස්ථාන 129කට ගිනි තබා තිබෙන බවත්, මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම දෙනාගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

 

වියළි කාලගුණ තත්ත්වයක් පවතින මෙම කාලයේදී ගිනි තැබීම් සිදුකිරීම තුළින් විශාල පරිසර හානියක් හා වන ජීවීන්ට විශාල හානියක් සිදුවන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

 

මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් පිළිබඳ ළඟම පොලීසියට හෝ දුරකථන අංක 117 අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.

views

727 Views

Comments

arrow-up