අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිදුවන දේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිදුවන දේ

අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිදුවන දේ

ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

 

ඊයේ(28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

“දැනට තිබෙන තත්ත්වය තමයි. සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තියෙනවා. 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා. තව සතියක් දෙකක් තුළ අපිට පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් අකමැත්තෙන් හෝ අපිට තීරණයක් ගන්න වෙනවා, ඒ විභාගය කල්දැමීමට. ඒ ගැන තාම තීරණයක් අරන් නෑ. සතියක් තුළ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දීලා තියෙනවා පාසල් ආරම්භ කළත් ඉතා ඉක්මණින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිළි හේතුව සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම,” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

 

views

657 Views

Comments

arrow-up