ලේ බැංකුවේ රුධිර සංචිත වල අඩුවීමක් - රුධිර පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ලේ බැංකුවේ රුධිර සංචිත වල අඩුවීමක් - රුධිර පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක්

ලේ බැංකුවේ රුධිර සංචිත වල අඩුවීමක් - රුධිර පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක්

ජාතිකයින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ (ලේ බැංකුවේ) රුධිර සංචිත වල අඩුවක් තිබෙන බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

 

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය සති දෙක තුළ රුධිර සංචිත සමාලෝචනය කිරීමේ දී රුධිර සංචිත වල අඩුවීමක් පෙන්නුම් කළ බවයි ඔහු සඳහන් කළේ.

 

එම නිසා ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමේ ක්‍රියාවලියට එළැඹීමට තීරණය කර තිබේ. ඒ සඳහා සහයෝගය දක්වන ලෙස රුධිර පරිත්‍යාග කරන්නන්ට සහ රුධිර පරිත්‍යාග කිරීමේ කඳවුරු පවත්වන්නන්ගෙන් ඉල්ලා සිටියි.

 

අඩු අවදානම් කලාප වලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ඇතිව සම්බන්ධීකරනය වෙමින් ආරක්ෂිතව අවම පිරිසකගේ සහභාගිත්වය ඇතිව රුධිර කඳවුරු සංවිධානය කරන ලෙසයි රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසන්නේ.

 

එමෙන්ම රට පුරා මධ්‍යස්ථාන 107 ක දී රුධිරය පරිත්‍යාග කිරීමට පහසුකම් සලසා ඇති බව ද අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.

 

views

834 Views

Comments

arrow-up