වැලිගම පාසලක් අසල වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

වැලිගම පාසලක් අසල වෙඩි තැබීමක්

වැලිගම පාසලක් අසල වෙඩි තැබීමක්

මාතර , වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්‍රාථමික විදුහල අසල අද(27) වෙඩිතැබිමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

 

සිය දරුවන් දෙදෙනා රැගෙන යතුරු පැදියකින් බටවල පාතේගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදි මෙම පුද්ගලයා ඉලක්ක කොට වෙඩි තැබිමක් සිදු කොට ඇතැයි පොලිසිය කියයි.

 

⁣වෙඩි තැබිමට ඉලක්ක වු පුද්ගලයා නදුන් චින්තක නොහොත් හරක් කටා යන අයගේ පාර්ශවයේ පුද්ගලයකු වන අතර මොහුට විරුද්ධව 2022.01.20 වන දින මිදිගම තුර්කි ගම්මානයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත නිදහස්ව පැමිණ සිටින අයෙකු  බව පොලිසිය කියයි.

 

මෙම වෙඩි තැබිම සදහා පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබන අතර වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද දක්නට තිබිණි.

 

සිදුවිම සම්බන්ධයෙන්  මිදිගම පොලිසිය ,වැලිගම පොලිසිය හා එක්ව  පොලීස් කණ්ඩයම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.

views

204 Views

Comments

arrow-up