කාලගුණයෙන් රතු නිවේදනයක් - ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
02

කාලගුණයෙන් රතු නිවේදනයක් - ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

කාලගුණයෙන් රතු නිවේදනයක් - ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (02) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

 


ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැක.

 


ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට  දන්වා තිබේ.

 


දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. 

 


අද දහවල් 12:09ට මදුරන්කුලිය, තල්ගස්වැව, හුණුගල්ලෑව, මනම්පිටිය සහ කල්කුඩා ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

 

views

1218 Views

Comments

arrow-up