අත්හිටවූ යානය , කටාර් සිට හෙට අළුයම දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අත්හිටවූ යානය , කටාර් සිට හෙට අළුයම දිවයිනට

අත්හිටවූ යානය , කටාර් සිට හෙට අළුයම දිවයිනට

අත්හිටවනු ලැබූ කටාර් සිට පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය හෙට අළුයම යලි නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිඛෙනවා.

 


එම ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙක් සිටින බවත් එම විශේෂ ගුවන් යානය හෙට අළුයම 5.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බව සඳහන්.

 


කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බවයි විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ.

 

ඒ, කුවේට් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , 70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමගයි.

views

572 Views

Comments

arrow-up