නියෝමාල් රංගජීවට වෙඩි තැබූ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා
2017 වසරේ මැයි 9 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.
එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙසයි මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගෙන තබුණේ.
ඉන්දියාවට පළගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
693 Views
Comments