අගරදගුරු හිරිකිතයි..සජිත්ගේ ඡන්ද කැඩුවා – හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

අගරදගුරු හිරිකිතයි..සජිත්ගේ ඡන්ද කැඩුවා – හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

අගරදගුරු හිරිකිතයි..සජිත්ගේ ඡන්ද කැඩුවා – හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක වූ 5% ක ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා ගැනීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් සෘජුව කටයුතු කළ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

අගරදගුරුතුමන් දේශපාලනය කිරීම ගැන තමන්ට හිරිකිත හිතෙන බවද ඔහු පැවසීය.

 

පාස්කු ප්‍රහාරය මූලික කරගෙන අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් විසින් කතෝලික ඡන්ද 5%ක පමාණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මුල් වූ බව ද ඔහු කියා සිටියේය.

 

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ සමගි ජනබලවේගයේ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

 

හිටපු ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශයට විරෝධය පාමින් කාතෝලිකයන් මෙන්ම විවිධ කතෝලික සංවිධානද සමාජ ජාලාවන්හි අදහස් පල කර ඇත.

 

views

1324 Views

Comments

arrow-up