මත්තලට වී දැම්මට රනිල්ට ජනපති කොමිසමෙන් කැදවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මත්තලට වී දැම්මට රනිල්ට ජනපති කොමිසමෙන් කැදවීමක්

මත්තලට වී දැම්මට රනිල්ට ජනපති කොමිසමෙන් කැදවීමක්

රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාල සාක්ෂි ලබාදීමට අගමැතිවරයා හෙට(23) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගබඩා අංගනය, වී ගබඩා කිරීමට ඉඩ ලබාදීමෙන් එයට බරපතල හානි සිදුව ඇතැයි, යන්න එම පැමිණිල්ල වේ.


මෙම සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  සහ අමාත්‍ය දයා ගමගේ මහතාට  පසුගිය දිනක කොමිසම වෙත කැඳවා තිබූ අතර එදින අග්‍රාමාත්‍යවරයාට පැමිණිය නොහැකි බව දන්වා තිබීම හේතුවෙන් හෙට දිනයේ පෙරවරු 10.30ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍යවරයාට නැවත දැනුම් දීමක් සිදුකර ඇත.
 

views

720 Views

Comments

arrow-up