විල්ගමුව පොලිසියෙන් අතුරුදහන් වූ අවිය හමුවෙයි?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

විල්ගමුව පොලිසියෙන් අතුරුදහන් වූ අවිය හමුවෙයි?

විල්ගමුව පොලිසියෙන් අතුරුදහන් වූ අවිය හමුවෙයි?

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට ඇති බුදු කුටිය අසල යම්කිසි දෙයක් දැක පාරේ යන අයෙකුට එය පෙන්වා ඒ සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය දැනුවත් කර තිබුණි.

 

පසුව පොලීසිය පැමිණ එය පරීක්ෂා කර ඇති අතර එහිදී එම ස්ථානයේ තිබී ගිනිඅවියක් හමුවී ඇත.


 
එම ගිනිඅවිය මීට සති කිහිපයකට පෙර විල්ගමුව පොලීසියේදී අතුරුදන් වූ ගිනිඅවිය බවට පොලිසිය සැක කරයි.

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ විල්ගමුව පොලීසිය පවත්වාගෙන යයි.

views

221 Views

Comments

arrow-up