මෙරට ෆේස්බුක් පරිශීලකයින්ට හෙට සිට විශේෂ අත්දැකීමක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගය හිමිවූ නවතම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම සඳහන් කළේ එම විශේෂාංගය හිමිවන ලොව 29 රට ශ්‍රී ලංකාව බවයි.
වයස අවුරුදු 18-55 දක්වා වන ෆේස්බුක් පරිශීලකයින් හට හෙට සිට මෙම නව විශේෂාංගය සමග ලියාපදිංචිවීමට අවසරය ලැබෙන අතර රුධිර පරිත්‍යාගය කිරීම් සහ රුධිර අවශ්‍යතාවයන් සම්බන්ධ ඉල්ලීම් ඒ හරහා ලැබීමට නියමිතව ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රුධිර පාරවිලන සේවය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර රටපුරා විහිදී ඇති රුධිර බැංකු 24ක් මෙම නව විශේෂාංගය සමග එක් කොට ඇත.
මෙම විශේෂාංගය සමග ලියාපදිංචි වන පුද්ගලයින්ට රුධිර අවශ්‍යතා පිළිබඳ නිරන්තර යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇති අතර රුධිර මධ්‍යස්ථාන සහ රෝහල් විසින් රුධිරය පරිත්‍යාග කිරීමට ඇති සුදුසුකම් තීරණය කරනු ඇත.
2278 Views
Comments