මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙන්නෙක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙන්නෙක් මාට්ටු

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙන්නෙක් මාට්ටු

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් අට දෙදෙනෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත අයෙකු සහ පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු බවට පැවසෙන අයෙකු ද සිටින බව පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් සහ මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත පුද්ගලයා සහ පෞද්ගලික බැංකු කළමනාකරු 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්නකිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.

 

හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 

අලවතුගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

185 Views

Comments

arrow-up