ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට නියෝජ්‍ය පොලිස්පතිවරියක්

උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබාදී ඇත.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් නවදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය නම් කර එවන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට නිර්දේශ කර යැවූ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ පැවැසීය.
මේ අනුව කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් අතර ඉහළින්ම ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන බිම්සානි ජයසිංහආරච්චිය.
2017 දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක ලෙස උසස්වීම් ලද ඇය උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක්වන්නේ 1997 දීය.
පොලිස් ඉතිහාසයේ මීට පෙර ඉහළම තනතුර දක්වා උසස්වීම් ලැබුයේ ප්‍රමිලා දිවාකරය.
පොලිස් දෙපාර්තමේන්තුවට මුලින්ම එක්වූ පොලිස් සැරයන්වරිය වන ඇය විශ්‍රාම ගත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසය. මේ අනුව පළමු වරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමක් ලබාදෙන්නේ මෙවරය.
964 Views
Comments