මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක්

මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක්

මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම හරිත ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරියයි.
ප්‍රදේශවල දේශගුණ තත්ත්වයන්ට උචිත පැලෑටි ඒ ඒ ප්‍රදේශවල වගා කිරීමටත්, අලංකාරය මෙන්ම ස්වභාවික පරිසරයට වැඩි දායකත්වයක් ලබාදෙන පැලෑටි තෝරා ගැනීමටත් නියමිත බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවැසුවේ.
එමෙන්ම ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක මේ වන විටත් එම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා.

 

views

842 Views

Comments

arrow-up