අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් ලංකාවට එයි

අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් පසුගිය දිනවල එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරගත් අතර 1200 කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී තිබිණි.
එයින් මූලිකත්වය දුන් ගැබිණි මව්වරුන් හා රෝගී තත්ත්වයේ සිටින පිරිස් මෙසේ අද ගෙන්වනු ලබන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.
961 Views
Comments