“හෙද කාර්ය මණ්ඩල අතිකාල දීමනා ප්‍රශ්නය විසදීමට ලේකම් දී තිබෙන උපදෙස් ගැටළු සහගතයි.” සමස්ත ලංකා හෙද සංගමය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

“හෙද කාර්ය මණ්ඩල අතිකාල දීමනා ප්‍රශ්නය විසදීමට ලේකම් දී තිබෙන උපදෙස් ගැටළු සහගතයි.” සමස්ත ලංකා හෙද සංගමය

“හෙද කාර්ය මණ්ඩල අතිකාල දීමනා ප්‍රශ්නය විසදීමට ලේකම් දී තිබෙන උපදෙස් ගැටළු සහගතයි.” සමස්ත ලංකා හෙද සංගමය

හෙද හෙදියන්ගේ කප්පාදු කළ අතිකාල දීමනා ඇතුළු ගැටලු රැසක් විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ ලිඛිත උපදෙස් මාලාව ගැටලු සහගත බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත පැවැසීය.

 

මැදිවත්ත මහතා පෙන්වා දෙන්නේ මීට පෙර නිකුත් කරන ලද 2/19/2009 යන චක්‍ර ලේඛය පදනම් කර ගනිමින් මෙම ලිඛිත උපදෙස් මාලාව සකස් කර ඇති බවයි. එම උපදෙස් මාලාවේ සඳහන් වන්නේ රෝහල්වල අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි අදාළ ගැටලු විසඳීමට අවසර ලබා දෙන ලෙසයි.

 

ඒ අනුව එම ලිඛිත උපදෙස් මාලාව පිළිගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

 

මැදිවත්ත මහතා පෙන්වා දෙන්නේ මීට පෙර පැහැදිලිව ලබාදුන් උපදෙස් පවා නිසියාකාරව ක්‍රියාත්මක නොකළ ආයතන ප්‍රධානීන් මෙම ගැටලු සහගත උපදෙස් මාලාව නිසියාකාරව ක්‍රියාවේ යොදවයිද යන සැකය ඇති බවයි.

 

එම නිසා මෙම ගැටලු සහගත උපදෙස් මාලාව නිවැරදි කර ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමුකරන බවද හෙතෙම සඳහන් කළේය.

views

644 Views

Comments

arrow-up