පාරේ වැඩ දැමූ යතුරුපැදි සහ ත්‍රිවීල් සමඟ 60කට වැඩවරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

පාරේ වැඩ දැමූ යතුරුපැදි සහ ත්‍රිවීල් සමඟ 60කට වැඩවරදී

පාරේ වැඩ දැමූ යතුරුපැදි සහ ත්‍රිවීල් සමඟ 60කට වැඩවරදී

වෙසක් සිරි නැරඹීමට යන අතරතුරදී ජනතාවට හිරිහැරයක් වන පරිදි අපරික්ෂාකාරීව යතුරු පැදි හා ත්‍රී රෝද රථ පැද වු 60 දෙනෙකුගේ වාහන අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

 

ඇතැම් යතුරු පැදිකරුවන් තනි රෝදයෙන් ගමන් කල බවත් තවත් සමහරු යතුරු පැදිය නවතා තබන යකඩ කොටස තාර පාරේ ඇතිල්ලී යන ආකාරයට ගිනි පිට කරමින් ධාවනය කල බවත් පොලීසිය කියයි.

 

ඊට අමතරව අත් අඩංගුවට ගත් යතුරු පැදි හා ත්‍රී රෝද රථ වල මුල් ආකෘතිය වෙනස් කරමින් අධික ශබ්දය නිකුත් වන ආකාරයට සයිලන්සර්,නලා ආදී විවිධ අමතර කොටස් සවි කර තිබු බව කියති.

 

අධීක ධාවන ධාරිතාවකින් යුත් ඇතැම් යතුරුපැදි වල වටිනාකම රුපියල් ලක්ෂ පහලොව විස්ස ඉක්මවන බව පොලීසිය සදහන් කරයි.

 

එම නිසා අත්අඩංගුවට පත් යතුරු පැදි 58 හා ත්‍රී රෝද රථ 02 මාතර දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා හමුවට ඉදිරිපත් කර තහනම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒවා පැද වු තරුණයින්ට එරෙහිව අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනාව යටතේ නඩු පවරන බවත් මාතර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

views

238 Views

Comments

arrow-up