පොලිස් වෙඩි පහරකින් අයෙකු මරුට - ගම්වාසීන් අලුත්ගම පොලිසිය වටලයි - ආරක්ෂාවට STF කැඳවයි (VIDEO)

මොරටුව ලුනාවේ දී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ දී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වයස අවුරුදු තිස් නවයක් පමණ වන මෙම පුද්ගලයා පැදවූ ත්‍රීවිල් රථය පරික්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඊයේ රාත්‍රී 12.30 ට පමණ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවට ලක් කළ බවයි.
එම අවස්ථාවේ පරීක්ෂාවට ලක් කළ ත්‍රීරෝද රථයක සිටි බීමත් අයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී පොලීසිය ආරක්ෂාව වෙනුවෙන් කළ වෙඩි තැබීමකින් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියත් සමග ගම්වාසීන් පැමිණ අලුත්ගම පොලිසිය වටලා තිබෙනවා.
අළුත්ගම පොලිස් ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා ඇති බවයි පොලීසිය පවසන්නේ.
1081 Views
Comments