විදෙස් රටවලින් FACE MASK ආනයනය සීමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

විදෙස් රටවලින් FACE MASK ආනයනය සීමා කරයි

විදෙස් රටවලින්  FACE MASK ආනයනය සීමා කරයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මුව ආවරණ සඳහා දේශීය සහ විදේශිය වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතිනවා.

 

මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික මුව ආවරණ අවශ්‍යතාවය 250000 ක් පමණ වනවා .

 

මෙම අවශ්‍යතාවෙන් 50 % වැඩි ප්‍රතිශතයක් මේ වන විට සපුරා ගනු ලබන්නේ ආනයනය මත පදනම්වයි චීනය, වියට්නාමය, බංගලාදේශය වැනි රටවල් ආනයනකරුවන්ගේ ප්‍රධාන රටවල් බවට පත්ව තිබෙන බවත් රෝහල් සඳහා මුව ආවරණ භාවිතා කළත් මේ වන විට සියලුම මහජනතාවගේ මූලික අවශ්‍යතාවක් ලෙස මුව ආවරණ පත්වීම හේතුවෙන් ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

 

මුව ආවරණ නිෂ්පාදකන් රැසක් අප රට තුළ සිටින බවත් ඔවුහු තම නිෂ්පාදන විවිධ මිල ගණන් යටතේ අලවි කළත් ඒවායේ සිදුවන කාර්යවල වෙනස්කම් තිබෙනවා.

 

දේශීය නිෂ්පාදකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර පසුව ඔවුන් විසින් කරන ලද පැහැදිලි කිරීමට මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළකර තිබෙනවා

 

ඒ අනුව ඉදිරියේ දී දේශීය මුහුණ වැසුම් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් පිටරටින් ශල්‍ය මුහුණු වැසුම් ආනයනය සීමා කිරීමත්, ශල්‍ය මුහුණු වැසුම් උපරිම සිල්ලර මිල රුපියල් 15 ටත් , KN 95 මුහුණු වැසුම් රුපියල් 100 ට අලෙවි කිරීමටත් තීරණය වී තිබෙනවා .

 

ඉදිරියේදී මුව ආවරණ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීමටද එකඟ වුණා.

 

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, දේශීය නිෂ්පාදකයා රැකගැනීමට සෑමවිටම මැදිහත්වන බවත් තම නිෂ්පාදන සැමවිටම ගුණාත්මකභාවයෙන් ඉහළට ගෙන ඒමටත් ඒ සඳහා රජයේ පිළිගත් ආයතනයකින් ( NMR ) නිර්දේශය ලබාගැනීම වැදගත් බවත් ප්‍රකාශ කර සිටියා දේශීය මුව ආවරණ නිෂ්පාදකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් ඊයේ දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මේ බව හෙළි වුණා.

 

 

views

655 Views

Comments

arrow-up