නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් පිරිවර දහසක් සමග පැවිදිවීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීයක් භික්ෂු පිරිසද, යසකුල පුත්‍රයා ඇතුළු පිරිසද ඇතුළුව එක්දහස් තුන්සියයක් වූ පිරිස සඳහා රජගහනුවරදී ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වීමත් සිදුවූයේ නවම් පොහොය දිනයේදීය.
නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික කටයුතු අද (26 වැනිදා) දින පැවැත්වෙන අතර කොළඹ,ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහරද පැවැත්වෙන්නේ අදය.
579 Views
Comments