විදේශවලින් පැමිණෙන කොරෝනා පොකුර ලොකු අභියෝගයක්.. දෙවැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකියි

අද වන විට මෙරටට ලොකුම අභියෝගය වී ඇත්තේ විදේශයන්හි සිට පැමිණෙන ලාංකිකයන් ආශ්‍රිතව ගොඩනැගුණු කොරෝනා පොකුර බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
නාවික හමුදා භටයන් ආශ්‍රිතව ඇතිවූ කොහොම පොකුර මේ වන විට ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් හීනවී ගොස් ඇති බවද ඔහු පැවසීය.
ගත වූ දින තිස් හතක් තුළ මෙරට සාමාන්‍ය සමාජයෙන් කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍්‍ය හා ආරක්ෂක අංශ එක්ව ගෙන ගිය වැඩපිළිවෙළ නිසා මෙම ජයග්‍රහණය ලබා ගත හැකි වූ බවද ඔහු පවසයි.
ජනතාව දුරස්ථභාවය ගැන නොසිතා හිතුමතේ කටයුතු කළහොත් දෙවන කොරෝනා රැුල්ලක් ඇති වීම වැලැක්විය නොහැකි බවත් ඒ තත්ත්වය වළක්වා ගත හැක්කේ ජනතාවටම පමණක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
733 Views
Comments