එක් අපේක්ෂකයෙක් පක්ෂ දෙකකින් තරඟ වදියි

මෙවර මහමැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින එක් අපේක්ෂකයෙකු, පක්ෂ දෙකකින් නාමයෝජනා ලබා ගෙන ඇති බව වාර්තා වේ.
කොළොන්නේ සිරි ශාන්ත හිමි නමින් තරග වදින අදාල අපේක්ෂකයා, “අපේ ජනබල පක්ෂය” සහ “ජනසෙත පෙරමුණ” යන පක්ෂ දෙකෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය සදහා තරග වදයි.
අපේ ජනබල පක්ෂයෙන් ඔහුට ලැබී ඇති අංකය අංක 3 වන අතර, ජනසෙත පෙරමුණෙන් අංක 2 ඔහුට ලැබී තිබේ.
එකම අපේක්ෂකයෙකු පක්ෂ දෙකකින් තරග වැදීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන අතර, අදාල පක්ෂ දෙකේ නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප නොවීම ගැටළුසගහත ය
712 Views
Comments