මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

මාවනැල්ල ප්‍රාදේශීය සභාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්

මාවනැල්ල ප්‍රාදේශීය සභාවට  අධිකරණයෙන් වාරණ  නියෝගයක්

නිරෝධායන නීති කඩ කර පැවැත්වීමට ගිය මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වීම දින 07 ක් යනතුරු වළක්වමින් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ පොලිසිය කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙනයි. මාවනැල්ල පොලිස් බල ප්‍රදේශය මේ වනවිට හුදකලා ප්‍රදේශයක් ලෙසද නම් කර තිබෙනවා.

 

ඒ අනුව නිරෝධායන ආඥා පණත යටතේ මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

 

views

715 Views

Comments

arrow-up