ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වසා දැමේ

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට දින 03ක් වසා දැමිමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා.
දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.
එම කොට්ඨාශයට අයත් පාසැල් 26ක් මෙසේ වසා තැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
841 Views
Comments