ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කප්පාදු නොකරන්නැයි විදුලිබල ඇමතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කප්පාදු නොකරන්නැයි විදුලිබල ඇමතිගෙන් උපදෙස්

ඇඳිරි නිතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විදුලිය කප්පාදු නොකරන්නැයි විදුලිබල ඇමතිගෙන් උපදෙස්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

 

වර්තමානයේ රට තුල සිදු කෙරෙන කොරෝනා මර්දන ක්‍රියාන්විතය හමුවේ අතිශය තීරණාත්මක අඛණ්ඩ විදුලිබල සැපයුමකින් ජාතික පද්ධතිය බලගැන්වීමටත්, පීඩාවට පත් විදුලි පාරිභෝගිකයන්ට අවශ්‍ය සහන ලබා දීමටත් විදුලිබල අමාත්‍යාංශය සෑම පියවරක්ම ගන්නා බවත්, රටම බලගන්වන එකී මහඟු ජාතික කර්තව්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ සියලු ආයතනයන්හි සහෝදර සේවක පිරිසට තම ස්තුතිය පිරිනමන බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

 

views

737 Views

Comments

arrow-up