APR
29
මාස ගණනකට පෙර මිය ගිය බවට සැක පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගනී

කැස්බෑව ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී බව පොලීසිය පවසයි.
මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරය දියවී ගොස් ඇති බවත් මරණය මීට මාස 8ට පමණ ඉහතදී සිදුවී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මිය ගොස් ඇත්තේ, කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිත අතර කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
110 Views
Comments