පාතාලයන්ගේ ඉහමොළ රත්වෙයි – හෝමාගම පිටිපන තිබී තවත් අවි ආයුධ හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

පාතාලයන්ගේ ඉහමොළ රත්වෙයි – හෝමාගම පිටිපන තිබී තවත් අවි ආයුධ හමුවේ

පාතාලයන්ගේ ඉහමොළ රත්වෙයි – හෝමාගම පිටිපන තිබී තවත් අවි ආයුධ හමුවේ

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී තවත් අවි ආයුද සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

2020.06.29 වන දින ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ලද තොරතුරක් මත හෝමාගම පිටිපන නගරයේ පිහිටි පුද්ගලික සමාගමකට අයත් තට්ටු 5කින් යුත් ගොඩනැඟිල්ලක පහත මහලේ ව්‍යාපාරික භාණ්ඩ ගබඩාවක සඟවා තිබු ටී 56 ගිනි අවි 11 ක් හා ටී 81 වර්ගයේ ගිනි අවියක් සමග ගොඩනැඟිල්ලේ අයිතිකරු හා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

 

එම ගොඩනැඟිල්ලේ අයිතිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත් වු බවට සැක කරන කාන්තාවකගේ සිල්වස්ටන් වත්ත, 4 වන පටුමග, පිටිපන උතුර, හෝමාගම පිහිටි නිවස රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව අද (01) හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරික්ෂාවට ලක් කර ඇත.

 

එම නිවසේ රහස් කුටියක තිබී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

 

එහිදී බොඩි ආමර් 2ක්, රිපීටර් ෂොට් ගන් එකක් හා සජීව උණ්ඩ 4ක්, හෑන්ඩ් ග්‍රෙනේඩ් 7ක් හා හඳුනා නොගත් උණ්ඩ 4 ක් අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි. 

 

views

1389 Views

Comments

arrow-up