පාස්කු කොමිසමේ අවසන් වාර්තාව රාමඤ්ඤ සහ අමරපුර මහ නා හිමිවරුන්ට පිළිගන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගැන සොයන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර මහා නිකායික මහ නාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා.
රාමඤ්ඤ මහා නිකායේ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වැඩවසල මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙනේදී ඊට පස්සේ පස්වරුවේ උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වා තිබෙන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින්.
අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමිපාණන්ටද උන්වහන්සේ වැඩ වසන කෑගල්ල උල්ගල පුරාණ රජමහා විහාරය වෙත ගොස් වාර්තාව පිළිගන්වා තිබෙනවා.
664 Views
Comments