සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට(13) සිදුවෙයි.

 

සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවනු ඇති.

 

මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අපරභාග 8.23ට අලුත් අවුරුද්ද උදාවෙයි.

 

පුණ්‍යකාලය හෙට අපරභාග එක පසු වී විනාඩි 59 සිට පසුදින අලුයම 2.43 දක්වා ක්‍රියාත්මක බැවින් හෙට අපරභාග 1.59ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරතවීම සුදුසු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.

 

ආහාර පිසීම හෙට දින අපරාභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙන් කර ගැනීම මැනවි බව නැකැත් චාත්‍රවල සඳහන්.

 

හෙට අපරභාග 10.43ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු වෙයි.

 

කෙසේවෙතත් දිවයින තුළ පවත්නා පීඩාකාරී තත්ත්වය හේතුවෙන් නැකැත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සාමාජිකයින් සමඟ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාතාංශය ඉල්ලීමක් කර තිබේ.

 

 

views

690 Views

Comments

arrow-up