රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවකින් නිදොස් කොට නිදහස්

රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවකින්   නිදොස් කොට නිදහස්

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා .

 

ඒ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කළ නඩුව සම්බන්ධයෙන්.

 

විත්තිකරුට එරෙහිව ගොනු කළ අධි චෝදනා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිෂන් සභාව දැනුම් දීමෙන් පසු විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා .

 

මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතේ ප්‍රතිපාදනවලට පටහැනි බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිෂන් සභාව දැනුම් දෙන ලදී .

 

රුපියල් ලක්ෂ 412කට අදික මුදල් හා දේපල ප්‍රමාණයක් 2004 වසරේ සිට 2006 වසර දක්වාකාලය තුළ අල්ලස් මගින් අත්පත් කර ගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහ අධිකරණයේදී අධි චෝදනා ගොනු කර තිබුණි.

views

843 Views

Comments

arrow-up