“වගකීමෙන් කියන්නේ – මහ භාණ්ඩාගාරය හිස්” – හර්ෂ ද සිල්වා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

“වගකීමෙන් කියන්නේ – මහ භාණ්ඩාගාරය හිස්” – හර්ෂ ද සිල්වා

“වගකීමෙන් කියන්නේ – මහ භාණ්ඩාගාරය හිස්” – හර්ෂ ද සිල්වා

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ සිදුකළ අදූරදර්ශී බදු වෙනස්කම් නිසා මේ වනවිට මහභාණ්ඩාගාරය හිස්ව ඇතැයි තමන වගකීමෙන් ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

 

"ට්‍රෙෂරිය හිස් නෙ. ට්‍රෙෂරිය හිස් ! සල්ලි නෑ ! වගකීමෙන් කියන්නෙ. ඇයි අප්පා බලන්නකො, මේ පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 550 - 560 අවම වශයෙන් ගිය අවුරුද්දෙ ඇවිල්ලා තියෙනවා ආදායම් හැටියට භාණ්ඩාගාරයට. මේගොල්ලො බලාපොරොත්තු වුණා මං හිතන්නෙ බිලියන 600 - 700 මේ කාර්තුවෙ එයි කියලා. 

 

කීයද ඇවිල්ලා තියෙන්නෙ ? ඇවිල්ලා තියෙන්නෙ බිලියන 400යි. එතකොට බලන් ඉන්දැද්දි ට්‍රෙෂරියට ලැබෙන ආදායම අඩුවෙලා. ඇයි මොකද අර ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ කරපු අදූරදර්ශී බදු වෙනස් කිරීමත් සමග සම්පූර්ණයෙන්ම කඩාවැටිලා තියෙන්නෙ ට්‍රෙෂරිය. සල්ලි නෑ. ඕක තමයි ඇත්ත කතාව" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 

views

774 Views

Comments

arrow-up