නාකොටික් නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ බවට චෝදනාවට අත්අඩංගුවට පත්ව සිටින ලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරීන් 13 දෙනා සහ අනෙකුත් සැකකරුවන් 4දෙනා 25 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කළා.
මෙම නඩුවේ පරීක්ෂණ කටයුතු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඩාල වෙමින් පැවති බව මෙහිදී හෙළි වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් සිටිනා අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට ද පසුගිය කාලයේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නැවතී තිබූ ප්‍රශ්න කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙන බව එම දෙපාර්තමේන්තුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැහැදිලි කළා.
630 Views
Comments