ශිෂ්‍යත්වය සමත් පහේ හපනුන්ට අලුත් පාසල් ඔන්ලයින් ක්‍රමයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ශිෂ්‍යත්වය සමත් පහේ හපනුන්ට අලුත් පාසල් ඔන්ලයින් ක්‍රමයට

ශිෂ්‍යත්වය සමත් පහේ හපනුන්ට අලුත් පාසල් ඔන්ලයින් ක්‍රමයට

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ලබන වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට නව පාසල් ලබාදීම ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම අද සිදුවුණා.

 

අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරුණු මෙම දත්ත පද්ධතියට දෙසැම්බර් 24 දක්වා කාලය තුළ විදුහල්පතිවරුන්ට දත්ත ඇතුලත් කිරීම අවස්ථාව හිමිවනවා.

 

අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරුණා.

 

දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් සිසුන්ට නම් පාසල් අයදුම් කිරීමේ අයදුම්පත් කැඳවා තිබුණා.

 

ඉල්ලුම් කර ඇති පාසල් සඳහා අනිකුත් තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදු කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

 

 

 

views

723 Views

Comments

arrow-up