ගානියා බැරිස්ටර් අධිකරණයට රැගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

ගානියා බැරිස්ටර් අධිකරණයට රැගෙන එයි

ගානියා බැරිස්ටර් අධිකරණයට රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් මීට සුළු මොහොතකට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

 

නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතයි.

 

මේ වන විට අධිකරණ නියෝග මත අවස්ථා දෙකකදී ඇයව අංගොඩ මානසික විද්‍යාතනය හමුවට ඉදිරිපත් කොට මානසික වාර්තාවක්ද කැඳවීමට පියවර ගනු ලැබුවා.

views

699 Views

Comments

arrow-up