දැරියක් අපයෝජනය කළ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

දැරියක් අපයෝජනය කළ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

දැරියක් අපයෝජනය කළ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු පස් දෙනෙකු  රක්ෂිත බන්ධනාගාරයට

සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක මන්දමානසික දැරියක බරපතල ලෙස අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තනමල්විල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී  ඇතුළු පස් දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

අදාළ සැකකරුවන් මෙලෙස රක්ෂත බන්ධනාගාර ගතකර ඇත්තේ ඊයේ (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව ය.

 

මාස තුනක් තිස්සේ දින ගණනාවක් අවස්ථා ගණනාවකදී අදාල දැරිය සමුහ ලෙස අපයෝජනයට ලක්කර ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

 

මෙම සිද්ධියේ ප්‍රධාන දැකකරු වන පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරයා 47 හැවිරිදි සිව් දරු පියෙකු වන අතර ඔහුට අමතරව 65 හැවිරිදි වියේ පසුවන්නෙකුත් 17 හැවිරිදි ළමුන් දෙදෙනෙකුත් දැරිය අපයෝජනය කිරීමට සම්බන්ධ වී ඇත.

 

මේ අතර මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා මෙම ප්‍රාදේශිය දේශපාලඥ කටයුතු කරන බවටද ප්‍රදේශවාසීන් විසින් චෝදනා එල්ල කළේය.

 

අදාල සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා හම්බන්තොට රෝහල වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

views

725 Views

Comments

arrow-up