18ට අඩු ළමයි බන්ධනාගාරගත නොකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

18ට අඩු ළමයි බන්ධනාගාරගත නොකරයි

18ට අඩු ළමයි බන්ධනාගාරගත නොකරයි

අවුරුදු 18ට අඩු තැනැත්තන් මින් ඉදිරියට බන්ධනාගාරගත කිරීමේ දණ්ඩනයට යටත් නොකරන ආකාරයෙන් නව නීති සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ නීති සම්මත කිරීමෙන් අනතුරුව අවුරුදු 16ට වැඩි ළමයින් (අවුරුදු 18ට අඩු) විසින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් බන්ධනාගාරගත කිරීම් නොකර ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදුකෙරේ.

අවුරුදු 16ට වැඩි ළමයින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් දැනට අධිකරණය විසින් බන්ධනාගාරගත කිරීම් කරනු ලබයි.

එසේ වුවද විශ්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි අවුරුදු 18ට අඩු සියලුදෙනා ළමයින් ලෙස සලකා ඔවුන් බන්ධනාගාරගත කිරීම්වලින් නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

views

806 Views

Comments

arrow-up